NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


දිරියෙන් යුතුව නව වසර පිළිගන්නට ශක්තිය හා ධෛර්ය ප්‍රාර්ථනා කරමු !

වසරක් ගෙවී නව වසරක් උදාවන මොහොතේ මෙලෙස ඔබ අමතන්නට ලැබීම ගැන මම අතිශයින්ම සතුටු වෙමි. පළමුවෙන්ම ලංකා වතු සේවා සංගමයේ සාමාජික සැමට දුක් කරදර වලින් තොර වාසනාවන්ත නව වසරක් ප්‍රාර්ථනා කරමි.

ගෙවුණු වසර අප සියලූ දෙනාටම ජීවිතයේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නට සිදුවූ, හැලහැප්පීම් වලින් යුත් එA හේතුවෙන්ම දෛනික ජීවිතයේ බොහෝ දේ අඩාල කෙරුණු අමිහිරි වසරක් විය. මේ ගෙවෙමින් පවතින මොහොත වන විටත් අපට දිවි ගෙවන්නට සිදුව ඇත්තේ අඳුරු වලා මැදය.
ගෙවුණු වසර ලංකා වතු සේවා සංගමයට ද අභියෝගාත්මක වසරක් විය. විශේෂයෙන්ම මුහුණ දෙන්නට සිදුව තිඛෙන ආර්ථීක දුෂ්කරතාවන්ට ගැලපෙන වැටුප් වැඩිවීමක් ලැඛෙන අයුරින් නව සාමූහික ගිවිසුම අත්සන් තැබීම අප මුහුණ දුන් ප්‍රබලතම අභියෝගයක් විය. එහෙත් එA අභියෝගය සාර්ථකව ජය ගන්නට අපට හැකිවිය. එමෙන්ම සාමූහික ගිවිසුමට සම්බන්ධ නොවූ ආර්පිකෝ සමාගම සමග සාකච්ඡාකර ගිවිසුමේ සඳහන් පරිදි වැටුප් වැඩිවීම එම ආයතනවල කාර්ය මණ්ඩල වෙත ලබා දීමට හැකිවීමද, ජනවසම, රාජ්‍ය වැවිලි සංස්ථාව සහ කළුබෝවිටියන තේ කර්මාන්ත ශාලාව යන ආයතනවලට සාමූහික ගිවිසුම් යෝජනාවලිය භාරදෙන්නට හැකිවීම සහ සේව්‍ය සම්මේලනය සමග අත්සන් කරන ලද ගිවිසුමෙන් දිනාගත් වැටුප් වැඩිවීම එම ආයතන කිහිපයකම සේවයේ නිරත කාර්ය මණ්ඩල වෙත ලබා දීමට හැකිවීමද සංගමය ලැබූ ජයග්‍රහණයකි.

නව සාමූහික ගිවිසුමට සමගාමීව සංගමයේ පූර්ණකාලීනයින්ගේ වැටුප් වැඩිකරන්නටද අපට හැකිවිය. සංගමයේ ශාඛා 12 අතරින් ශාඛා 09 ක ද්වි-වාර්ෂික මහ සභා පවත්වන්නටද, සංගමයේ දෙවැනි පෙළ නායකත්වයක් ගොඩ නැගීම අරමුණු කර ගනිමින් පසුගිය මාස අටක් තුළ වෘත්තීය සමිති අධ්‍යාපනික වැඩමුළු පවත්වන්නට ද අප ක්‍රියා කළෙමු. වතු කිහිපයක අපගේ සාමාජිකයින්ට මුහුණ දෙන්නට සිදුවූ පහරදීම්, තර්ජනය කිරීම් වලට එරෙහිව ක්‍රියා කොට ඒවා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද සංගමය සමත් වීමු.

මේ රටේ පවතින අයහපත් ආර්ථීක, සමාජ සහ දේශපාලන පසුබිම තුළ සංගමය විසින් සාමාජිකත්වය වෙනුවෙන් ඉටු කළ වගකීම් සමහරකි.
වර්තමානය තුළ හිඳ අනාගතය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ ඉදිරි වසර වඩාත් අභියෝගකාරී වසරක් බවය. ඒ අභියෝග මැද අපට ජය ගන්නට තවත් බොහෝ දේ ඇත. විශේෂයෙන්ම සංගමය දීර්ඝ කාලයක සිට සටන් කරන නිවසක් තනා ගැනීමට ඉඩම් කැබැල්ලක් ලබා ගැනීම මෙම වසරේ ජයග්‍රාහී අවසානයකට රැගෙන යාම ඒ අතරින් ප්‍රමුඛ කාර්ය ලෙස සළකමු. එමෙන්ම අපගේ සාමාජිකත්වයට වඩා යහපත් ජීවන තත්ත්වයක් ගොඩ නැගීමේ සංගමයේ පරමාර්ථය තවත් පියවර කිහිපයකින් ඉදිරියට ගැනීම අත්‍යවශ්‍යම කරුණක් ලෙස දකිමු.

සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් සහෝදරයා සාමාජිකත්වය වෙනුවෙන් ගත් සෑම ක්‍රියාමාර්ගයකම පිටුපස සිටි යෝධ සෙවනැල්ල විය. එමෙන්ම සංගමයේ මහා මණ්ඩලය, විධායක මණ්ඩලය සහ භාරකාර මණ්ඩලය හැම විටම සුවිශාල ශක්තියක් එක් කළේය. ඔවුන් ද මේ මොහොතේ සිහිපත් කළ යුතුය.

අපට ගමන් කරන්නට සිදුව තිඛෙන්නේ මල් ඇතිරූ මාවතක නොවේ. ගිරිදුර්ග මඩදුර්ග පසුකරමින් සතුරු බලවේගවලට මුහුණ දෙමින් මේ ගමන යන්නට සිදුව ඇත. සැම විටම සාමාජික ඔබ සැම සංගමයට එක්කරන ශක්තිය ගැන විශ්වාසය තබා සිටින අප කවර බාධක මැද වුවද පෙරට ගමන් කරන්නට බිය වන්නේ නැත.

එබැවින් සියලූ භේද නොසලකා ලංකා වතු සේවා සංගමය සමග ඇති බැඳීම වඩාත් ශක්තිමත් කරගන්නා ලෙස ඉල්ලමු.

දිරියෙන් යුතුව නව වසර පිළිගන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org