NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ආගරපතන සහ කොටගල ESPS හිඟමුදල් ගෙවා නිමකරයි

ලංකෙම් සමාගම යටතේ පාලනය කෙරෙන ආගරපතන සහ කොටගල වැවිලි සමාගම් විසින් වසර ගනනාවක්  තිස්සේ නොගෙවා පැහැරහැර තිබූ වතු කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදලේ (ESPS) හිඟ දායක මුදල් ආගරපතන සහ කොටගල වැවිලි කළමණාකාරිත්වය විසින්  මේ වන විට අරමුදලට ගෙවා අවසන්  බව වතු කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදලේ සභාපති, ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියේය.

මෙම වැවිලි සමාගම් විසින් නිසි පරිදි වතු කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදල වෙත තම දායක මුදල් බැර කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් එම වැවිලි සමාගම යටතේ සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අරමුදලේ ප්‍රතිලාභ අහිමිව තිබිණ. මේ සම්බන්ධයෙන් වතු කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදලේ සභාපති, ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා වතු කළමණාකාරිත්වය සමග සාකච්ඡා කර මෙම තත්ත්වය පෙන්වා දීමෙන් අනතුරුව අදාල හිඟ මුදල් අරමුදලට බැර කිරීමට ආගරපතන සහ කොටගල වැවිලි සමාගම් කටයුතු කර ඇති අතර මින් ඉදිරියට නිසි පරිදි මාසිකව දායක මුදල් බැර කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

මෙම වැවිලි සමාගම් විසින් මෙතෙක් ගෙවීම ප්‍රමාද කරන ලද දායක මුදල් සඳහා අයවිය යුතු මිලියන ගණනක් වන අධිභාරය ගෙවන ලෙසට වතු කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදල අදාල වතු සමාගම්වලට දන්වන ලද අතර ඒ අනුව ඔවුන් විසින් එම මුදල කොටස් වශයෙන් ලබා දීමට ක්‍රියා කරමින් සිටින බවද වතු කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදලේ සභාපති, ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා අවධාරණය කර සිටියේය.

රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතන විසින්ද වතු කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවීම ප්‍රමාද කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වතු කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදල විසින් පෞද්ගලික අර්ථසාධක අරමුදලේ කොමසාරිස්වරයා වෙත පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පලකළ වතු කාර්ය මණ්ඩල අර්ථසාධක අරමුදලේ සභාපති, ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා මෙම දායක මුදල් ගෙවීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් එම ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කළ බවත් එහිදී ඊට වත්මන් පාලනාධිකාරිය යහපත් ප්‍රතිචාරයක් දක්වමින් ඉක්මනින් මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර එම මුදල් ගෙවීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ බවත් කියා සිටියේය. 

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org