NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ලංකා වතු සේවා සංගමය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සාමූහික ගිවිසුමට අත්සන් තබයි.

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවය කරන වතු කාර්ය මණ්ඩල වැටුප් සහ සේවා කොන්දේසි තීරණය කෙරෙන සාමූහික ගිවිසුම අද (පෙබරවාරි 10)  අත්සන් තබන ලදී.
 
කොළඹ 10, සිරිධම්ම මාවත, අංක 257 හි පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේදී අත්සන් තැබූ මෙම සාමූහික ගිවිසුමට වතු කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න, උප සභාපති  සෙන්නන් ඉලෙයරාජා යන මහත්වරුන්ද, සේව්‍ය පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව නියෝජනය කරමින් සභාපති ශ්‍රීමාල් විජේසේකර, සාමාන්‍යාධිකාරී එච්.එන්.පී.ජිනසේන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.අයි.එම්.හසන්, වැඩබලන කළමනාකරු - පරිපාලක ජී.බී.සී.ෆොන්සේකා යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තබන ලදී.
 
මෙවර සාමූහික ගිවිසුමෙන් රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවයේ නියුතු වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පළමු වසරේදී 25%කින් ද 2024 වසරේ දී 5%කින් ද වැටුප් වැඩිවීම ඇතුළු වරප්‍රසාද දිනා ගැනීමට හැකිවූ බව ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියේය.
 
ලංකා වතු සේවා සංගමයේ මහනුවර ශාඛා සභාපති රෝහණ විජේරත්න සහ ලංවසේස මහනුවර ප්‍රදේශීය ලේකම් අනුර වික්‍රමරත්න යන මහත්වරුන්ද මේ සඳහා සහභාගී විය.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org