NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ලං.ව.සේ.ස. පස්දුන් රයිගම් කෝරළේ ශාඛාවට නව නිලධාරීන් නිතරඟයෙන් පත්වෙයි

ලංකා වතු සේවා සංගමයේ පස්දුන් රයිගම් කෝරළේ ශාඛාවේ ද්වි-වාර්ෂික මහ සභා රැස්වීම පසුගිය පෙබරවාරි 19දා අගලවත්ත රමිර උත්සව ශාලාවේදී පැවැත්විණි. පස්දුන් රයිගම් කෝරළේ ශාඛාවේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති එම මහ සභා රැස්වීමේදී ඉදිරි දෙවර්ෂය සඳහා නිලධාරී මණ්ඩලයක් තෝරාපත්කර ගැනීම සිදු කෙරින.

එහිදී පස්දුන් රයිගම් කෝරළේ ශාඛාවේ නව සභාපතිවරයා ලෙස බදුරලිය ඩැල්කිත් වතුයායේ එල්.ඩී.සංජීව මහතා නිතරඟයෙන් තේරී පත්වූ අතර නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස මොහොමඩි වතුයායේ කේ.එල්.පී.ඉන්දික කුමාර, පයියාගල වතුයායේ එච්.ඩබ්.ආර්.කේ.ගුණවර්ධන, නිව්චැටල් වතුයායේ පී.කසුන් දයාතිලක, පල්ලෙගොඩ වතුයායේ ජේ.කේ.ටී.හේවාවිතාරණගේ යන මහත්වරුන් තේරී පත්විය. ශාඛා භාණ්ඩාගාරික ලෙස  මතුගම සිරිකඳුර වතුයායේ ඒ.එන්. ක්‍රිෂාන් ප්‍රදීප් සහ විගණන නිලධාරී ලෙස පාදුක්ක වතුයායේ පාලිත ගුණවර්ධන යන මහත්වරුන් නිතරඟයෙන් තෝරා පත්කර ගැනිනි. ඉදිරි දෙවර්ෂය සඳහා පස්දුන් රයිගම් කෝරළේ ශාඛා ලේකම් ලෙස ඉංගිරිය  හල්වතුර වතුයායේ එම්.එල්.චන්දන මනෝහර මහතා නම් කිරීමට නව සභාපති එල්.ඩී.සංජීව මහතා විසින් කටයුතු කරන ලදි.

මෙම අවස්ථාවට ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, සංගමයේ නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න, උප සභාපති  නිශාන්ත කහඳවආරච්චි යන මහත්වරුන් සහභාගී විය.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org