NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


සංගමයේ ඉල්ලීම පිළිගනිමින් ශාන්තිලතා මහත්මියගේ දූ දරුවන්ට කෑගල්ල වැවිලි සමාගමෙන් මරණාධාර මුදල් ගෙවයි

කෑගල්ල වැවිලි සමාගම යටතේ පාලනය කෙරෙන හිග්ගොඩ වතුයායේ ජ්‍යෙෂ්ඨ ලිපිකාරිණියක් ලෙස සේවය කළ ලංකා වතු සේවා සංගමයේ සාමාජිකා, ඩී.ශාන්තිලතා මහත්මිය හදිසි අනතුරකින් පසු අභාවප්‍රාප්ත විය.  වැවිලි සමාගමෙන් ඇයගේ පවුලේ සාමාජිකයින්වෙත මරණාධාර මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා විසින් කෑගල්ල වැවිලි සමාගම වෙත ලිපියක් යොමු කරන ලදී.

පෙබරවාරි 28 දින, කෑගල්ල වැවිලි සමාගමේ මෙහෙයුම් අධ්‍යක‍ෂ සමන් දොරනෑගම මහතා සමග ලං.ව.සේ.ස. සතරකෝරළ ශාඛා සභාපති එම්.අයි.පී.ආර්.බණ්ඩාර, සංවිධායක පාලිත වන්නිආරච්චි යන මහත්වරුන් කළ සාකච්ඡාවෙන් අනතුරුව ශාන්තිලතා මහත්මියට හිමි මරණාධාර මුදල් එදිනම ඇයගේ දූ දරුවන් වෙත ප්‍රදානය ලදී.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org