NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ලිංගේෂ්වරන්ට හිඟ වැටුප් සමග යළි රැකියාව

මඩොල්සිම වැවිලි සමාගම යටතේ පාලනය කරනු ලබන ගල්ලුල්ල වතුයාය ක්ෂේත්‍ර නිලධාරී ලෙස කටයුතු කළ ලංකා වතු සේවා සංගමයේ මහා මණ්ඩල නියෝජිත එම්.ලිංගේෂ්වරන් මහතාට පනවා තිබූ සේවා තහනම ඉවත්කර හිඟ වැටුප් සමග යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇති බව ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියේය.

ගල්ලුල්ල වතුයායේ සිදුවූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් මස එම වතුයායේ වතු අධිකාරී විසින් වහා ක්‍රියාත්මක වන පරිදි පඩි රහිතව ලිංගේෂ්වරන් මහතාගේ සේවය අත්හිටුවා තිබූ අතර ඒ සම්බන්ධයෙන් 2023 පෙබරවාරි මස ලිංගේෂ්වරන් මහතාට විරුද්ධව විනය පරීක‍ෂණයක් ආරම්භ කරන ලදී. මෙම විනය පරීක‍ෂණයේදී ඌව ශාඛාවේ සභාපති කේ.ආර්.එල්.අයි.එම්.මුණසිංහ සහ විධායක කමිටු නියෝජිත ඩී.එම්.සුමනදාස යන මහත්වරුන් විසින් සංගමයේ ප්‍රධාන ලේකම් සහ සභාපතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීම මත ලිංගේෂ්වරන් මහතාගේ රැකවල් නිලධාරී ලෙස ලංකා වතු සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න මහතා සහභාගීවූ බවත් විනය පරීක‍ෂණය තුළදී ලිංගේෂ්වරන් මහතාට ගොනු කර තිබූ චෝදනා ඔප්පු නොවූ බැවින් චෝදනාවලින් නිදහස් කර හිඟ වැටුප් සමග යළි සේවයේ පිහිටුවීමට මඩොල්සිම වතු සමාගම කටයුතු කර ඇති බවත් ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේය.  මෙහිදී සමාගම මගින් ලිංගේෂ්වරන් මහතා බටාවත්ත වතුයාය වෙත ස්ථානමාරු කර යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන ලදී.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org