NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


බලංගොඩ වැවිලි සමාගමේ වතු නිලධාරීන් විරෝධතාවයක...

විමර්ශන නිලධාරීන්ගේ ක්‍රියාකලාපයට එරෙහිව බලංගොඩ වැවිලි සමාගමේ වතු නිලධාරීන් විරෝධතාවයක

බලංගොඩ වැවිලි සමාගමේ විමර්ශන නිලධාරීන් විසින් විමර්ශන කටයුතු වලදී අනුගමනය කරනු ලබන අසාධාරණ හා හිතුවක්කාරී ක්‍රියාකලාපයට එරෙහිව බලංගොඩ ප්‍රදේශයේ වතුවල සේවයේ නිරත ලංකා වතු සේවා සංගමයේ සාමාජිකයින් අද (15) එක් දින විරෝධතාවයක් දියත්කර ඇත. 

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කල ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා කියා සිටියේ සාධාරණ පරීක්ෂණ පැවැත්වීම සහ ඒවා  සම්බන්ධයෙන් පියවර ගැනීම පිළිබඳව සංගමයේ  විරෝධතාවයක් නොමැති නමුත් සාවද්‍ය තොරතුරු සහ පූර්ව නිගමන පදනම් කරගනිමින් පවත්වන්නා වූ විමර්ශනවලදී ඒක  පාර්ශ්විය සහ අත්තනෝමතික තීන්දු ගැනීම සම්බන්ධයෙන් සංගමය විරෝධය දක්වන බවයි.

බලංගොඩ කලාපයේ බලංගොඩ, සිසිල්ටන්, මැද්දකන්ද, නන් පෙරියල්, පෙට්ටිගල, රාස්සගල, රයිවිකිලිය, වලේබොඩ යන වතුයායන්හි සේවය කරන කාර්ය මණ්ඩල සේවකයින් අද දින සේවයට වාර්තා කිරීමෙන් වැලකී විරෝධතාවයේ යෙදී සිටිති.

මෙම විරෝධතා ක්‍රියා මාර්ගය ලංකා වතු සේවා සංගමයේ  උප සභාපති නිශාන්ත කහඳවආරච්චි මහතාගේ නායකත්වයෙන් සබරගමුව ශාඛා සභාපති එන්.එල්.කුමාර සහ ශාඛා ලේකම් බුද්ධික රොෂාන් යන මහත්වරුන්ගේ  මෙහෙයවීමෙන් අති සාර්ථකව පැවැත්වේ.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org