NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ගාල්ල කලාපයේ සාමාජික හමුව මාර්තු 16, 17 දිනවල

CESU නායකයින් සහභාගී වන ගාල්ල කලාපයේ සාමාජික හමුව මාර්තු 16, 17 දිනවල

ලංකා වතු සේවා සංගමයේ ගාල්ල කලාපයේ වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් හමුවීමේ වතු චාරිකා වැඩසටහනක් මාර්තු 16 සහ 17 දිනවල පැවැත්වීමට ලංකා වතු සේවා සංගමය කටයුතු යොදා ඇත. සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැගෙන මෙම වැඩ සටහනේදී ගාල්ල කලාපයේ වතුවල සංගමයේ සාමාජිකයින්ට මුහුණ දෙන්නට සිදුව තිඛෙන ගැටළු සාකච්ඡා කෙරෙණු ඇත. මේ සඳහා ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාාන්ත වන්නිආරච්චි, ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න සහ සංගමයේ ගාල්ල ශාඛාවේ සභාපති සරත් ප්‍රේමලාල්, විධායක සභික රංජිත් තිලකරත්න යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.

මේ අනුව මාර්තු 16 දින ඇල්පිටිය වැවිලි සමාගමට අයත්  දිවිතුර, ඇල්පිටිය,කැටන්දොළ, ඛෙන්තොට, තල්ගස්වල, ලේල්වල සහ ගුළුගහකන්ද යන වතු වලද, මාර්තු 17 දින වටවල වැවිලි සමාගමට අයත් හෝමදොල, නාකියාදෙණිය, තලංගහ වතුවල සහ නමුණුකුල වැවිලි සමාගමට අයත් සිට්ට්‍රස්, වල්පිට, බද්දේගම යන වතුවලද මෙම සාමාජික හමු පැවැත්වෙනු ඇත.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org