NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


කළුබෝවිටියන සභාපති පොරොන්දු ඉටුකරයි

සීමා සහිත කළුබෝවිටියන තේ කම්හල් සමාගමට අයත් තේ කර්මාන්ත ශාලාවල සේවයේ නිරත කාර්ය මණ්ඩල සාමාජිකයින්ට මාස හතරක හිඟ වැටුප් සමග 25%ක වැටුප් වර්ධකයක් ලබා දීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බව ලංකා වතු සේවා සංගමය කියා සිටියි.

සීමා සහිත කළුබෝවිටියන තේ කම්හල් සමාගමේ සභාපති අමින්ද රොද්‍රිගු මහතාගෙන් ලංකා වතු සේවා සංගමය කළ ඉල්ලීමට අනුව මෙම වැටුප් වර්ධකය ලබාගත හැකිවූ බවත් ඉදිරි දිනෙක එම සමාගම සහ ලංකා වතු සේවා සංගමය අතරේ වතු කාර්ය මණ්ඩල වැටුප් සහ සේවා කොන්දේසි තීරණය කෙරෙන සාමූහික ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවත් සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියි.

https://www.facebook.com/photo?fbid=722503926328153&set=a.596474555597758

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org