NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ස්ට්‍රැත්ඩන් මුතුකුමාරන්ට යළි රැකියාව

හැටන් වැවිලි සමාගමට අයත් ස්ට්‍රැත්ඩන් වතුයායේ කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කළ ඒ. මුතුකුමාර් මහතාගේ රැකියාව අහිමි කිරීමට පාලනාධිකාරිය ගෙන තිබූ පියවරට එරෙහිව ලංකා වතු සේවා සංගමය විසින් හැටන් කම්කරු විනිශ්චය සභාවේ පවරා තිබූ නඩුව විභාගවූ අවස්ථාවේ දෙපාර්ශවය විසින් ඇති කරගත් එකඟතාවට අනුව මුතුකුමාරන් මහතා 2023 අප්‍රේල් 01 දින සිට සේවය කඩ කිරීමකින් තොරව රැකියාවේ පිහිටු වීමට පාලනාධිකාරිය කැමැත්ත පල කරන ලදි.

මුතුකුමාරන් මහතා 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට වසරක කාලයක් රැකියාව අහිමිව සිටි අතර සේවය අතහැර ගියා සේ සළකා සේවයෙන් ඉවත්කිරීමට පාලකයින් පියවර ගෙන තිබිණ.

ලංකා වතු සේවා සංගමයේ තලවකැළේ ප්‍රාදේශීය ලේකම් ටී. කන්දය්යා, හැටන් ශාඛාවේ ප්‍රාදේශීය ලේකම් එම්. සුගුනේශ්වරන්, කළමණාකරන සහකාර එස්. ප්‍රශාන්ති යන මහත්ම මහත්මින් මේ සඳහා පෙනී සිටියේය.

https://www.facebook.com/photo/?fbid=728704889041390&set=a.596474555597758

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org