NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමූපාකාර සමිතිය

නව සාමූහික ගිවිසුමට අනුව වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් සමූපකාර කොමිෂන් සභාව සමග සාකච්ඡාව සාර්ථකයි

මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ සේවයේ නිරත කාර්ය මණ්ඩල සාමාජිකයින්ට 2022/2025 වතු කාර්ය මණ්ඩල සාමූහික ගිවිසුමට අනුව වැටුප් වැඩි නොකිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් සමූපකාර කොමිෂන් සභාව සමග සිදු කළ සාකච්ඡාව සාර්ථක බව ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියි.

මොරවක්කොරළේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ සේවයේ නිරත කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ වැටුප් සහ සේවා කොන්දේසි තීරණය කෙරෙන්නේ ලංකා වතු සේවා සංගමය සහ ලංකා සේව්‍ය සම්මේලනය අතරේ අත්සන් තැඛෙන සාමූහික ගිවිසුමට අනුව වන අතර 2022/2025 නව සාමුහික ගිවිසුමෙන් වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් දිනා ගත් 25% ක වැටුප් වැඩිවීම මොරවක්කෝරළේ කාර්ය මණ්ඩලයට ලබා දීමට කටයුතු කර නොතිබිණි.

අප්‍රේල් 02 වන දින පැවති සාකච්ඡාවේදී සාමූහික ගිවිසුමෙන් වැඩි කරන ලද වැටුප් වර්ධකය මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ සේවයේ නිරත අප සාමාජිකයින් හට 2022 ඔක්තෝබර් මස සිට ලබාදෙන ලෙස කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා දකුණු පළාත් සමූපකාර කොමිෂන් සභාවේ සභාපති ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින් සහභාගී වූ අතර ලංකා වතු සේවා සංගමය වෙනුවෙන් එහි සභාපති නිශාන්ත වන්නිආරච්චි, ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න, ඒකක සභාපති අනුර බටගොඩ යන මහත්වරුන් සහභාගී විය.

https://www.facebook.com/photo/?fbid=729260845652461&set=a.596474555597758

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org