NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


CESU - මැයි දින සැමරුම හැටන්හිදී

සියවසක අභිමානය සමග අයිතීන් උදෙසා පෙරට යන තේමාව යටතේ මෙවර මැයි දින සැමරුම හැටන්හිදී පැවැත්වීමට ලංකා වතු සේවා සංගමය කටයුතු යොදා ඇතැයි සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියේය.

ලංකාවේ වෘත්තීය සමිති ඉතිහාසයේ සියවසක් සපිරූ පළමු වෘත්තීය සංගමය වන ලංකා වතු සේවා සංගමය වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සේවයේ නිරත වතු කාර්ය මණ්ඩල නියෝජනය කරනු ලබන වෘත්තීය සංගමයවේ.

මීට පෙර අවස්ථාවල තනිව මැයි දිනය සැමරූ ලංකා වතු සේවා සංගමය පසුව ස්වාධීන වෘත්තීය සමිති සමග ඒකාබද්ධව මැයි දිනය සමරනු ලැබීය.

මෙවර මැයි දිනය අතීතයේ තම සංගමය මැයි දිනය සැමරුවාක් මෙන් තනිව සැමරීමට සංගමයේ විධායක කමිටුව ගත් තීන්දුවකට අනුව සිදු කරන බව ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියේය.

මේ අනුව මැයි 01 දා හැටන්හි පිහිටි ඩී.කේ.ඩබ්ලිව්. උත්සව ශාලාවේ දී මෙම සැමරුම පැවැත්වෙන අතර මැයි පෙළ පාලිය පෙරවරු 9.00 ට හැටන් දුම්රියපොල අසලින් ආරම්භ කර ඩී.කේ.ඩබ්ලිව්. උත්සව ශාලාව දක්වා ගමන් කරනු ඇත.

ලංකා වතු සේවා සංගමයේ භාණ්ඩාගාරික මාරිමුත්තු සුදාහර් සහ උප සභාපති සෙන්නන් ඉලෙයරාජ් යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ හැටන් ශාඛාවේ සභාපති එස්.මනෝහරන් සහ දිඹුල ශාඛාවේ සභපති ඒ. අසෝගන්, විධායක සභා සභික එස්. වාමදේවන්, එස්. ආරුමුගරාජ්, එස්. චන්ද්‍රමදන් යන මහත්වරුන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන මෙම මැයි දින සැමරුම ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි එහි ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, සංගමයේ භාරකාර මණ්ඩලය නියෝජනය කරන නායකයින් ඇතුලූ දිවයින පුරා පිහිටි වතුවල සේවය කරන සාමාජිකයන් සහභාගී වීමට නියමිතය.

https://www.facebook.com/photo?fbid=729659622279250&set=a.596474552264425

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org