වෝල්ටී්‍රම් වතුයායේ පුන්නියරාස්ට ලංවසේස මැදිහත්වී අයිතීන් දිනා දෙයි
ලංකා වතු සේවා සංගමයේ සාමාජික ලිඳුල, වෝල්ටි්‍රම් වතුයායේ හිටපු සහකාර කර්මාන්තශාලා නිලධාරි එස්. පුන්නියාරාස් මහතාගේ විශ්‍රාම පාරිතෝෂිකය සහ වෛද්‍ය ශේෂය නොගෙවීම සම්බන්ධයෙන් වෝල්ටී්‍රම් පාලනාධිකාරිය සමග ලංකා වතු සේවා සංගමය සාකච්ඡාවක් පවත්වන ලදී.
එහිදී පුන්නියරාස් මහතාගේ අදාල ලියකියවිලි වතු කළමණාකරු වෙත භාර දෙන ලද අතර පුන්නියාරාස් මහතාගේ හිඟ මුදල් පියවීමට කළමණාකරු එකඟ විය.
ඒ අනුව එම හිඟමුදල් ගෙවන බවට කළමණාකරු විසින් දැනුම් දෙන ලදි.
මෙම සාකච්ඡාව සඳහා ලංකා වතු සේවා සංගමයේ භාණ්ඩාගාරික එම්. සුදාගර්, ලංකා වතු සේවා සංගමයේ දිඹුල ප්‍රාදේශීය ලේකම් එම්.සුගුනේෂ්වරන් යන මහත්වරුන් සහභාගී විය.
https://www.facebook.com/photo?fbid=799834771928401&set=a.596474555597758