ලංවසේස මැදිහත් වීමෙන් යූරි රියදුරු යළි සේවයට
බලංගොඩ වැවිලි සමාගම යටතේ පාලනය කෙරෙන පස්සර යූරි වතුයායේ රියදුරෙකු ලෙස සේවයේ නිරත වී.සත්තිරිනායගම් මහතාට ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් පාලනාධිකාරිය විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඔහු සේවයෙන් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ලංකා වතු සේවා සංගමයේ බදුල්ල දිස්ත්රික් ලේකම් ආර්.පෙරුමාල් මහතා බලංගොඩ වැවිලි සමාගමේ ප්රධාන විධායක නිලධාරී සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව වී. සත්තිරිනායගම් මහතා 2023 ජනවාරි මස සිට යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර ඇත