බලංගොඩ වැවිලි සමාගම - අබේරත්න වහා සේවයේ පිහිටුවන්න
බලංගොඩ වැවිලි සමාගම - අබේරත්න වහා සේවයේ පිහිටුවන්න
බලංගොඩ වැවිලි සමාගමට අයත් බලංගොඩ වතුයායේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ලෙස සේවය කළ එච්.ඒ.සී.එස්. අබේරත්න මහතා සේවයෙන් ඉවත්කිරිම අසත්‍ය චෝදනාවක් මත සිදු කර ඇති බවත් වහාම ඒ මහතා සේවයේ පිහිටුවන ලෙස බලංගොඩ වැවිලි සමාගමට දන්වා ඇතත් ඊට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට වතු පාලනාධිකාරිය අසමත්විම හේතුවෙන් බලංගොඩ කලාපයේ වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් නොසන්සුන්ව ඇතැයි ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා කියා සිටියි.
අබේරත්න මහතාගේ වතු කොටසේ ස්ථානයක අනවසර පතල් කැපිමක් සිදු කොට තිඛෙන බවට විමර්ශන නිලධාරීන් විසින් අසත්‍ය චෝදනාවක් එල්ල කොට ඔහුගේ සේවය අහිමිකිරීම සිදු කර තිඛෙන අතර පසුව කරන ලද විමර්ශන වලදි හෙලිවි ඇත්තේ කිසියම් පිරිසක් විසින් එම අනවසර පතල් කැපීම සිදු කර ඇත්තේ වතුයායට අයත් නොවන රක්ෂිතයක බවය. මේ බව ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරී විසින් සහ පින්නවල පොලීසිය විසින් සිදු කරන ලද පරික්ෂණ වලින්ද තහවුරු වි තිබේ.
විමර්ශන නිලධාරිනට ලැබුණු අසත්‍ය තොරතුරක් පිළිබඳව නිසි සොයා බැලිමකින් තොරව ඔවුන් විසින් සිදු කරන ලද චෝදනාවක් පදනම් කර ගනිමින් සිදු කර ඇති මෙම අසාධාරණ සේවය අහිමි කිරිම සම්බන්ධයෙන් සාධාරණය ඉටු කිරිමට පාලනාධිකාරිය කටයුතු නොකිරිම වතු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ විමතියට හේතු වි ඇත. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට සංගමය සූදානම් වන බවද සභාපතිවරයා කියා සිටියේය.
https://www.facebook.com/photo?fbid=731341645444381&set=a.596474555597758