පරමනාතන්ට රුපියල් දස ලක්ෂයක වන්දි මුදලක්
රෝබරි වතුයායේ
පරමනාතන්ට රුපියල් දස ලක්ෂයක වන්දි මුදලක්
මඩොල්සිම වැවිලි සමාගම යටතේ පාලනය කෙරෙන පිටමාරුව රෝබරි වත්තේ ක්ෂේත්‍ර නිලධාරී ඒ.පරමනාතන් මහතාගේ සේවය පාලනාධිකාරිය විසින් අසාධාරණව අවසන්කර තිබූ අතර ඒ සම්බන්ධව ලංකා වතු සේවා සංගමය විසින් බදුල්ල කම්කරු විනිශ්චය සභාවට අයදුම්පත්‍රයක් ඉදිරිපත් කරන ලදි.
බදුල්ල කම්කරු විනිශ්චය සභාව විසින් මේ සම්බන්ධයෙන් වගඋත්තරකාර වතු සමාගමේ සහ ඉල්ලූම්කාර පාර්ශවයේ සාක්ෂි විමසුම් කිරීමෙන් පසුව පරමනාතන් මහතාගේ සේවය අවසන් කිරීම අසාධාරණ සහ අයුතු සහගත බව ප්‍රකාශ කරමින් විනිශ්චය සභාවේ සභාපති කේ.ඩී.එම්. ජීවේන්ද්‍ර මහතා සේවය අහිමිව සිටි පරමනාතන් මහතාට සිදුවූ වෘත්තීය හානිය වෙනුවෙන් රුපියල් දශ ලක්ෂ පනස් දහස් දෙසිය හැත්තෑ නවයයි ශත හැට තුනක මුදලක් ගෙවන ලෙසට වග උත්තරකාර සමාගමට නියම කළේය. එම වන්දි මුදල 2023.05.22 දින හෝ ඊට පෙර ඉල්ලූම්කරුට ලබා ගතහැකි වන පරිදි බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ තැන්පත් කරන ලෙසටද බදුල්ල කම්කරු විනිශ්චය සභාව අදාල සමාගමට නියෝග කළේය.
තම සාමාජිකයාට මුහුණ දෙන්නට සිදුව තිබූ මෙම බලවත් අසාධාරණය වෙනුවෙන් ලංකා වතු සේවා සංගමය පවරා තිබූ ඉහත නඩුවට සංගමය වෙනුවෙන් සහකාර ලේකම් (කාර්මික සබඳතා) ඒ. ඒ. රංජිත් හේමචන්ද්‍ර මහතා පෙනී සිටියේය.