NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


සාමුහික ගිවිසුමෙන් 5%ක වැටුප් වැඩි නොකිරීම - ජනවසම

සාමුහික ගිවිසුමෙන් 5%ක වැටුප් වැඩි නොකිරීම හේතුවෙන් ජනවසම ලෙඩවෙයි

 

ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ලංකා වතු සේවා සංගමය අතරේ අත්සන් තැබෙන නව සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් පැනනැගී තිබෙන ගැටළු සහගත තත්වයට විසඳුම් ලබා දෙන ලෙසට ජනවසම පාලනාධිකාරියට බලකරමින් ජනවසම යටතේ පාලනය කෙරෙන සියලූ වතු වල කාර්ය මණ්ඩලය ලෙඩ නිවාඩු වාර්තා කරමින් විරෝධතාවයක් දියත් කර ඇත.

ජනවසම සහ ලංකා වතු සේවා සංගමය සමග අත්සන් කිරීමට නියමිත සාමූහික ගිවිසුම, ප්‍රධාන සාමූහික ගිවිසුමට අනුව අත්සන් කිරීම සම්ප්‍රදායක් වන අතර ජනවසම ඇතැම් නිලධාරීන් විසින් මෙවර එම සම්ප්‍රදාය වෙනස් කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම ගැටළුකාරී තත්වය මතුවී ඇත.

වතු කාර්ය මණ්ඩල සඳහා 30%ක වැටුප් වැඩිවීමක් ප්‍රාදේශීය වැවිලි සමාගම් සමග මෙවර අත්සන් තැබුණු ගිවිසුමට අනුව ලබා ගැනීමට හැකියාව ලැබුණු අතර ඒ අනුව 2022 ඔක්තෝබර් මස සිට 25%ක් සහ 2024 ඔක්තෝබර් මස සිට 5%ක් ලබා දීමට නියමිතය. ජනවසම 2024 ඔක්තෝබර් මස සිට ලබාදිය යුතු 5%ක වැටුප් වැඩිවීම ලබා නොදීම ගැටළුවක්ව ඇති බැවින් ජනවසම කාර්ය මණ්ඩල සේවකයින්ගේ අර්ථසාධක අරමුදල් (EPF/ESPS), සේවක භාරකාර අරමුදල් (ETF), පාරිතෝෂික දීමනා නොගෙවීම සහ අනෙකුත් ගැටළු නිරාකරණය නොකිරීම හේතුවෙන් ඔවුන් මෙම ක්‍රියා මාර්ගයට එළඹ ඇත. එම විරෝධතාවය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා ප්‍රකාශ කර සිටින අතර වහා මීට මැදිහත්ව අවශ්‍ය විසඳුම් ලබා දෙන ලෙසට ජනවසම බලධාරීන්ට අවධාරණය කරන බවද කියා සිටියි.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org