NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


ESPS 86 වන මහ සභා රැස්වීම..

ESPS 86 වන මහ සභා රැස්වීම ජුනි 25 දා ඉරිදා BMICH හිදී

 

වතු නිලධාරින්ගේ අර්ථසාධක අරමුදලේ (ESPS) 86 වන මහ සභා රැස්වීම 2023 ජුනි මස 25 දා ඉරිදා පෙරවරු 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි එහි වත්මන් සභාපති, ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියේය.

මෙදින වතු නිලධාරීන්ගේ අර්ථසාධක අරමුදලේ ඉදිරි වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරාපත් කර ගැනීමට නියමිතය.


වතු නිලධාරීන්ගේ අර්ථසාධක අරමුදල ලංකාවේ මුල් කාලීන පෞද්ගලික අර්ථසාධක අරමුදලක් වන අතර 1958 සේවක අර්ථ සාධක අරමුදල් පණත ක්‍රියාත්මක වන්නට වසර ගණනාවකට පෙර එනම් 1937 වර්ෂයේ ලංකා වතු සේවා සංගමයේ යෝජනාවකට අනුව ආරම්භ කරන ලද්දකි. මෙම අර්ථ සාධක අරමුදල ලංකාවේ වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක එකම අර්ථ සාධක අරමුදල වේ.


සභාපතිවරයා ඇතුළු කම්ටු සාමාජිකයින් තිදෙනෙකු විසින් අරමුදලේ පරිපාලන කටයුතු සිදු කරනු ලබන අතර එක් කමිටු සාමාජික ධූරයක් මෙම අරමුදල ස්ථාපිත කිරීම සඳහා පුරෝගාමී වූ ලංකා වතු සේවා සංගමයේ සභාපතිවරයාට නිල බලයෙන් හිමිවන අතර සෙසු කමිටු සාමාජිකයින් තෝරා පත් කරණු ලබන්නේ අරමුදලේ සාමාජිකයින්ගේ යෝජනා ස්ථිරත්වයෙනි.


1999 වසරේ සිට වර්තමානය දක්වා අවස්ථා 14 ක දීම අරමුදලේ සභාපති ලෙස කටයුතු කරන ලද්දේ රොබට් ෆ්‍රැන්සිස් මහතා විසින් වන අතර අරමුදලේ සාමාජිකයෙකු ලෙස වසර 50ක් සපුරා ඇති ෆ්‍රැන්සිස් මහතා ඉන් වසර 40ක්ම අරමුදලේ කම්ටුව නියෝජනය කර ඇත.


ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, සංජය වියතුංග සහ පාලිත වන්සේකර යන මහත්වරුන් වතු නිලධාරීන්ගේ අර්ථසාධක අරමුදලේ වර්තමාන කම්ටු සාමාජිකයින් වෙති.

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org