කොටගල සාමාජික ගැටලු...
කොටගල සාමාජික ගැටලු -
සාකච්ඡාව ජුනි 30 දා
කොටගල වැවිලි සමාගමේ උඩරට ප්‍රදේශයේ විධායක නිලධාරී චන්න ඩී. කොස්තා මහතා සමග එම ප්‍රදේශයේ වතුවල කාර්ය මණ්ඩල සාමාජිකයින් මුහුණපා ඇති ගැටලූ පිළිබඳ සාකච්ඡාවක් කොටගල පිහිටි කොටගල වැවිලි සමාගමේ ප්‍රාදේශීය කාර්යාලයේදී ජුනි 30 වන දින පැවැත්වීමට නියමිතව ඇත.
එම සාකච්ඡාව සඳහා ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි එහි ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න, උප සභාපති එස්. ඉලෙයරාජා සහ ශාඛා සභාපති ඒ.අසෝගන් යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.