ලංවසේස කුරුණෑගල වැවිලි සමාගම...
ලංවසේස කුරුණෑගල වැවිලි සමාගම අතරේ
සාමූහික ගිවිසුමට සාකච්ඡා ජූලි 04
ලංකා වතු සේවා සංගමය සහ කුරුණෑගල වැවිලි සමාගම අතරේ අත්සන් තබා තිබෙන සාමූහික ගිවිසුම 2023 ජූලි මස 31 දිනෙන් අවසන් වන අතර එම ගිවිසුම නැවත යාවත්කාලීන කිරීම සඳහා ජූලි 04 දින ලංකා වතු සේවා සංගමය, ලංකා සේව්‍ය සම්මේලනය සමග සාකච්ඡා කිරීමට නියමිතය.
මේ වන විට ලංකා වතු සේවා සංගමය විසින් සාමාජික වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් අඩංගු යෝජනාවලියක් කුරුණෑගල වැවිලි සමාගම වෙත භාරදී ඇති අතර ඒ අනුව ලංකා සේව්‍ය සම්මේලනය විසින් ලංකා වතු සේවා සංගමයට මෙම සාකච්ඡාව ලබා දී ඇත.
මේ සඳහා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් ඇතුළු සංගමයේ නායකයින් සහභාගී වීමට නියමිතය.