සාමාජික ගැටළු විසඳීමට කඩිනම් පියවර..
පුස්සැල්ලාව වතු ප්‍රදේශ නිරීක්ෂණ චාරිකාව සාර්ථකයි !
සාමාජික ගැටළු විසඳීමට කඩිනම් පියවර
ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැගෙන වතු කාර්ය මණ්ඩල සාමාජිකයින් මුහුණදෙන ගැටළු හඳුනා ගැනීම සඳහා පුස්සැල්ලාව ප්‍රදේශයේ වතුවල සිදුකළ නිරීක්ෂණ චාරිකාව ඉතාමත්ම සාර්ථක වූ බවත් එහිදී ඊට සාමාජිකයින්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් සහ පිළිගැනීමක් ලැබුණු බවත් ඒ සඳහා වූ ඔවුන්ගේ සූදානම අගය කළ යුතු බවත් ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියේය.
ජුනි 28 සහ 29 දෙදින තුළ සිදු කළ පුස්සැල්ලාව වතු ප්‍රදේශ වල සාමාජික හමුවේදී ඔවුන් මුහුණ දෙන ප්‍රශ්ණ හඳුනා ගැනීමට හැකිවූ බවත් එම ප්‍රශ්ණ වලට ඉක්මන් විසඳුම් ලබා දීමට සංගමය කටයුතු කරන බවත් ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුස්සැල්ලාව ප්‍රදේශයේ වතුවල කාර්ය මණ්ඩල සාමාජිකයින් කියා සිටියේ ඉතාම දුෂ්කර වතුවල සේවය කරන තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සොයා බැලීමට පැමිණි සංගමයේ නායකයින්ගේ මෙම වැඩ පිළිවෙල අගය කළ යුතු බවත්, සංගමයේ මෑතකාලීන ඉතිහාසයේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොවු බවත් මෙය ඉතාම වැදගත් කාලෝචිත ක්‍රියාමාර්ගයක් බවත් ය.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි, සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න, උප සභාපති සෙන්නන් ඉලෙයරාජ්, පුස්සැල්ලාව ශාඛාවේ සභාපතිනී සේනාලිකා රත්නායක, විධායක කමිටු සාමාජික අබේසිංහ බණ්ඩා, විධායක කමිටු සාමාජික එස්. වාමදේවන් සහ ලංකා වතු සේවා සංගමයේ පුස්සැල්ලාව ශාඛාවේ පුස්සැල්ලාව වැවිලි සමාගමේ නියෝජ්‍ය සභාපති එස්. සෙල්වචන්ද්‍රන් යන මහත්ම මහත්මීන් සහභාගී විය.