NEWS AND BLOG

Ceylon Estate Staffs' Union (CESU)


කුරුණෑගල සාමූහික ගිවිසුම...

ලංකා වතු සේවා සංගමය සහ කුරුණෑගල වැවිලි සමාගම අතරේ ක්‍රියාත්මකවන සාමූහික ගිවිසුම ජූලි මස අග අවසන්වන අතර නව සාමූහික ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල වැවිලි සමාගම වෙත යෝජනා භාරදෙන ලද බවත් ඒ පිළිබඳව දෙපාර්ශවය අතරේ මෙතෙක් පැවති සාකච්ඡා සාර්ථක බවත් සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා කියා සිටියේය.

මේ අනුව කුරුණෑගල වැවිලි සමාගම විසින් ගිවිසුම අත්සන් තැබීම තහවුරු කිරීමෙන් අනතුරුව ඉදිරි දිනයක ගිවිසුම අත්සන් තැබෙන බවද ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේය.


ලංකා වතු සේවා සංගමය විසින් නව ගිවිසුම සඳහා අවශ්‍ය යෝජනාවලිය කුරුණෑගල වැවිලි සමාගම වෙත භාරදීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට දෙකක් පැවැත්විනි.


දෙපාර්ශවය අතරේ සාකච්ඡා ලංකා සේව්‍ය සම්මේලනයේ පැවැත්වුණු අතර ලංකා සේව්‍ය සම්මේලනය ඊට පහසුකම් සපයන්නා ලෙස ක්‍රියාකරන ලදි.


මේ සඳහා ලංකා වතු සේවා සංගමය පාර්ශවයෙන් සභාපති නිශාන්ත වන්නිආරච්චි, ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස්, නියෝජ්‍ය සභාපති ධනුක විජයගුණරත්න, සංගමයේ සතර කෝරළ ශාඛාවේ දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.පී. සෝමරත්න සහ සතර කෝරළ ශාඛාවේ සංවිධායක පාලිත වන්නිආරච්චි යන මහත්වරුන් සහභාගීවිය. කුරුණෑගල වැවිලි සමාගම් පාර්ශවයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය එස්.එම්.එම්. සමරකොන්, සාමාන්‍යාධිකාරි ඉන්දික ගූණවර්ධන යන මහත්වරුන් ඇතුළු සමාගමේ විධායක නිලධාරින් සහභාගීවූ අතර ලංකා සේව්‍ය සම්මේලනය වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ප්‍රසාද් ද සිල්වා මහතා සහභාගී විය.

https://www.facebook.com/photo?fbid=793632819215263&set=a.596474555597758

We call you back

Request a Call

Success! Your message has been sent to us.
Error! There was an error sending your message.

Save your career

Talk to a Specialist

CESU has been playing a leading role in many struggles of the working class and organizations of Civil Societies in Sri Lanka.

+94 112 573 948 info@cesusrilanka.org