CESU මෙවරත් NLAC සාමාජිකත්වයට

ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා නිත්‍ය සාමාජිකයෙකු ලෙස සහ විකල්ප සාමාජිකයෙකු ලෙස සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා ජාතික කම්කරු උපදේශක සභාවට (National Labour Advisory Council - NLAC) පත්ව සිටියි.
ජාතික කම්කරු උපදේශක සභාව කම්කරු ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන්ට අදාල කරුණු සම්බන්ධයෙන් රජය, කම්කරුවන් හා සේවා යෝජකයින්ගේ සංවිධාන අතර උපදේශනය හා සහයෝගීතාව සැපයීම සඳහා පිහිටුවා ඇති ජාතික ත්‍රෛයිපාර්ශවීය උපදේශන යාන්ත්‍රණයකි.
කම්කරු අණපනත්, ප්‍රතිපත්ති සහ නිති සම්පාදනය සම්බන්ධයෙන් සහ කම්කරු ප්‍රමිතීන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදි උපදේශන මැදිහත්විමි සිදු කිරිම මෙහි සිදු කෙරෙන අතර ලංකා වතු සේවා සංගමය ජාතික කම්කරු උපදේශක සභාව ආරම්භයේ පටන් එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.
https://www.facebook.com/photo?fbid=798220585423153&set=a.596474552264425